මොකක්ද මේ Rooting කියන්නේ ?





ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි අද මම අවදානයට යොමු කලේ. ඔයත් Android Device එකක් භාවිතා කරපු කෙනෙක් නම් බොහෝ විට මේ ප්‍රශ්නය ඔබට එන්න ඇති. ඒ තමා Root කිරීම. ඇත්තටම මොකක්ද මේ Root කරනව කියන්නේ,මේකෙන් අත්වෙන වාසි සහ අවාසි මොනාද කියල අද මේ ලිපියෙන් මම කියන්නයි යන්නේ.

මොකක්ද මේ ROOT කියන්නේ

ඇත්තටම මේ වචනය අපට මුලින්ම හමුවෙන්නේ UNIX සහ LINUX කියන මෙහෙයුම් පද්ධති තුලයි.මේ යටතේ ඊලගට එන වචනය තමා "Super User" කියන වචනය.
අපි මේ දෙකම පැත්තකට  දාල හැරෙමු  පොඩ්ඩක් Windows පැත්තට. ඔයාල අපි හැමෝම දන්න දෙයක් තමා පරිගනකයක Administrator Account එකකින් Log වෙච්ච කෙනෙක්ට පරිගනකය තුල ඕන දෙයක් කරන්න පුලුවන් බල තලයක් ලැබෙන බව. ඉතින් ඔයාට Software Install කරන්න, File Delete කරන්න , File Move කරන්න, දැනට පවතින Accounts Delete කරන්න, Users Add කරන්න වගේ ගොඩක් දේවල්. නමුත් ඒ පරිගනකයේම Guest Account එකක් යටතේ Log වෙච්ච කෙනෙක්ට මේ හැමදේම කරන්න බලතල පරිගනකය මගින් ලබා දෙන්නෑ. ගොඩක් Internet Cafe වල තියෙන්නේ Guest Accounts වලින් Log වෙන්න.
හොදා දැන් ඔයාල බලනවා ඇති ROOT කිරීමයි User Account අතරෙයි සම්බන්දය මොකක්ද කියල. ඔයා සමහර විට නොදන්නව වුනාට ඔයාගේ Android Phone එක , TAB එක ඔයා මිලදී ගන්න විටම ඔයාට Guest Account එකකට සමාන බලතල තමා ලබා දෙන්නේ. ඔයාව යම්කිසි රාමුවකට හිර කරනවා. දැන් ඔයාට ඕන ඕනා විදියට Phone එකේ System File අතර සැරිසරන්න, ඒවා Edit කරන්න, වගේ දේවල් ඔයාට manufacturer වලදිම තහනම් කරනවා. දැන් අපි බලමු ඇයි එහෙම කලේ කියලා.අපි දන්නවා Phone එකක Hardware පැත්ත වගේම Software පැත්තකුත් තිබෙන විත්තිය. ඉතින් මේ දෙකෙන් එකක් හරි අවුලක් ගියොත් Phone එක හරියට වැඩකරන්නේ නැති වෙන්න පුලුවන්. බලන්න කවුරු හරි කෙනෙක්ට වැරදිලා හරි System File එකක Boot වීමට අවශය File එකක් Delete වුනොත් එහෙමත් නැත්නම් System එකේ ක්‍රියා කාරිත්වයට අවශය කුමක් හෝ File එකක්  Delete  වුනොත් ඒ Device එක වැඩකරන්නේ නැතුව යනව නේද ? , එහෙමත් නැත්නම් Virus එකක් මගින් File වලට බලපෑමක් එල්ල කිරීමේ අවදානමකුත් එනවා. සමහර Program වලට පුලුවන් System File වෙනස් කරන්න. මේ කරුනු නිසා ඇත්ටටම Phone එක ඔයාලගේ භාසාවෙන් කිව්වොත් කැඩෙන්න පුලුවන්. එහෙම ගියොත් නිශ්පාදකයින්ට හැමදාම වෙන්නේ Warranty දිදී ඉන්න තමා.

ඉතින් Root කිරීමෙන් අපට Super User Activate කරගන්න පුලුවන් වෙනවා. දැන් ලොක්ක ඔයා. තවදුරටත් Phone එකට සීමාවල් පනවන්න අයිතියක් නැහැ. ඔයාට ඕනා තරම් නිදහස තියෙනවා ඕන දෙයක් කරන්න.
මේ ලිපියේදී කොහොමද Root කරන්නේ කියල නම් කියන්න යන්නේ නැහැ.


Root කිරීමෙන් අපට අත්වෙන වාසි.

සිංහල Font උපකරනයට දාගන්න පුලුවන් වීම.
…ලාංකිකයෙක් විදියට මට Root කිරීමෙන් අත් වෙච්ච පලමු වාසිය තමා Phone එකට Sinhala Unicode හදාගන්න පුලුවන් වෙච්ච එක. මීට කලින් Opera Mini වගේ විකල්ප භාවිතා කරත් ඒ ඔක්කෝටම වඩා Font එකක් Install කිරීමෙන් Unicode හදා ගැනීම අතිසාර්තකයි. 


Custom Software (ROM’s) භාවිතය
ඇන්ඩ්‍රොයිඩ් උපකරනයක Read Only Memory එක තුල තමා ROM එකක් තැම්පත් කරල තියෙන්නේ. ඇත්තටම මේ ROM එකත් Software එකක් තමයි. ඔයාගේ Device එකේ ඇතුලත පෙනුම, ක්‍රියාකරිත්වය සහ හැකියාවල් පදනම් වන්නේ මේ Rom එක මතයි. ඉතින් ඔයාගේ Phone එක Root කලා නම් දැන් ඔයාට ලස්සන Rom භාවිතා කරන්න පුලුවන්. එමගින් මෙතෙක් ඔයා දැකපු පෙනුම සහ හැකියාවල් දියුනු කරගන්න පුලුවන් වෙනවා.





ඉතින් වැරදියට නම් වටහ ගන්න එපා ROM එකක් කියන්නේ Theme එකක් කියලා. Theme එකකට වඩා එහාට ගිය දෙයක් තමා ROM කියන්නේ. මෙතැනදී performance පවා වෙනස් වෙනවා. ඉතින් Custom Rom දාගන්න කැමති අය මේ Link එකට පිවිසෙන්න.

Kernel, speed, and battery

 සමහර Apps තියෙනවා Android Device සදහා, උපාංගයේ Speed එක වැඩි කරන්න, Batery Life එක වැඩි කරන්න, CPU Overclock කරන්න වගේ ගොඩක් Advance වැඩවලට. මේ Apps කියාත්මක වෙන්නේ Root කරපු උපකරන තුල පමනයි. ඉතින් ඔයා Root කරලනම් තියෙන්නේ ඔයාටත් පුලුවන් මේ පහසු කම අත් විදින්න. 

Custom Themes
මේකත් Custom ROM භාවිතා කරනව වගේ තමයි. සමහර Themes වැඩ කරන්නේ නැහැ Root නොකරපු උපකරන තුල.
Baseband
මේක නම් මම අත්හදා බලල නම් නැහැ. මේ කියන්නේ නම්, Root කරපු Phone එකක Signal Quality එක වැඩි කරගන්න පුලුවන් සිද්දියක්. ඉතින් කරපු කෙනෙක් ඉන්නවනම් මටත් කියල දෙන්න. Signal කිව්වේ Call signal වලටම විතරක් නෙමේ. Radio පවා මේ යටතට අයත්. 

Latest Versions of Android
බොහෝ වෙලාවට Android Phone වල Update සීමාකරනවා. එතකොට පරන අයට අලුත් Update ගැනීමේදී ගැටලුවක්. එත් Root කරපු Device වලට මේක අදාල වන්නේ නැහැ. 



Backup කිරීමේ පහසුකම  

ඔයාගේ උපකරනය Root කරලනම් තියෙන්නේ දැන් ඔයාට පුලුවන් ඔයාගේ Phone එකේ හැම දෙයක්ම Backup කරගන්න. ඔයාල කියයි ඕක කොහොමත් තියෙනවනේ කියලා . නමුත් මම මේ කියන ක්‍රමයේදී ඉතා ගැබුරින් වුනත් Backup කරන්න පුලුවන්. ගොඩක් Android market එකේ තියෙන්නේ උඩින් අතගාල Backup කරන Application. පුලුවන් නම් මේ සදහා Titanium Backup යොදා ගන්න. මේ Link එක මගින් එය ලබා ගන්න පුලුවන්

Unlocking Additional Features
Root කරපු උපකරනයක දැනට පවතින පහසුකම් වලට අමතරව වෙනත් පහසුකම් එක් කිරීමට හැකියාව තියෙනවා. මම සරල උදාහරන දෙකක් කියන්නම්. ඒ තමා WiFi and USB tethering කියන ක්‍රම දෙක. මොකක්ද මේ tethering. ඔයාට පුලුවන් ඔයාගේ පරිගනකයේ පවතින Internet Connection එක USB එක මාර්ගයෙන් Phone එකට ගන්න. ඇත්තටම මෙය කරන්න පුලුවන් Root කල දුරකතනයකම පමනයි. WiFi tethering එකේදී කරන්නේ මෙහෙම දෙයක්. ඔයාට පුලුවන් ඔයාගේ Phone එකේ Internet ඒ Phone එකේම WiFi යොදාගෙන අනිත් අයට ලබා දෙන්න. මරු නේ.. 



 Root කිරීමෙන් අත්වෙන අවාසි

Bricking'
මේක තමා අපිට අත්වෙන ලොකුම අවාසිය. ඒ තමා උපකරනයට ලැබෙන Warranty එක, Root කිරීම නිසා නැතිවෙනවා. ඉතින් මොනා හරි වෙලා Device එක කැඩුනොත් සොරි තමා.

උපාංගයේ ආයුකාලය අඩුවෙන්න පුලුවන්.
…Root කරපු හැම උපකරනයක්ම නෙමේ සමහර උපකරන Root කරල සම්මත තත්වයන්ගෙන් පිට ගිහින් Speed සහ Overclock කිරීම් හේතු කොටගෙන උපකරනයේ ආයුකාලය අඩුවෙන්න පුලුවන්. හැකිතාක් නිශ්පාදන ආයතන පනවල තියෙන සීමාවල් වලට එහා නොයන්න උත්සහ ගන්න.
නිශ්පාදන සමාහමට පුලුවන් ඕනෑනම් ඔයාගේ උපකරනය නිශ්පාදනයේදීම උපරිම වේගයකට ලක් කරල දෙන්න. නමුත් එය දිගුකල් පැවැත්මට නුසුදුසුයි. 

Security
Root කිරීමෙන් දුරකතනයේ හෝ උපකරනයේ ආරක්ශාව ගොඩක් අඩු වෙනවා. පුංචි Application එකකට උනත් පුලුවන් දැන් උපාංගයේ අන්තර්ගතයට පිවිසිලා සියල්ල විනාශ කරන්න. ඔයාගේ තොරතුරු පිට කරන්න.

Root කරන්නේ කොහොමද. 
ඇත්තටම කියන තරම් ලේසි නැහැ. හොද පලපුරුද්දක් නැතිකෙනෙක්ට මම තරයේ කියා සිටිනවා Root කිරීමෙන් වලකින ලෙස. Root කරනා ක්‍රමවේදය දුරකතන මාදිලිය අනුව වෙනස් වෙනවා. ඔයාට පුලුවන් XDA Developer Site එකෙන් ඔයාගේ දුරකතන මාදිලියට අදාලව Root කරන්නේ කොහොමද කියල දැන ගන්න. පිවිසෙන්න මේ Link එකට.තවදෙයක් කියන්න බැරි උනානේ. Root කරපු උපාංගයක් Unroot කරන්නත් පුලුවන්. 

ඉතින් මේ ලිපියේ තියෙනේ මගේ අදහස් සහ දැනුම. මේව ඉගෙන ගන්න සිංහල පත පොත නම් නැහැ හොදේ. මාත් Web කාල, කටු කාල ඉගෙන ගත්තු දේවල් වල සංශිප්තයක් තමා මේ දැම්මෙ. ඉතින් ප්‍රොයෝජනයක් උනානම් ප්‍රතිචාරයක් දක්වන්න අමතක කරන්න එපා හොදේ. අනිත් කරුන තමයි මේ ලිපි මගේ අවසර නැතුව ගෙඩි පිටින් Copy කරල දාන්න එපා කියල මම ඉතා කාරුනිකව ඉල්ලා සිටිනවා. 
ලිපියේ වරදක් ඇතොත් පහදා දෙන්න.


Comments

Anonymous said…
බොහොම ස්තූතියි යාළුවා ලිපියට..මෙච්චර විස්තර දන්නේ නැති උනත් මන් මගේ galaxy S2 එක root කල කාලෙකට කලින්. custom rom ගත්තෙ XDA ලාගෙන් තමයි. ඊට පස්සේ phone 1නම් මාරුවට වැඩ. battery හිතාගන්න බැරි තරම් කල් තියෙනවා. original මෝඩ rom එකට වඩා නම් 1000ක් හොඳයි. eth putha podi aulak thiyenawa. Call inna athare samaharawelawata hitapu gaaman cut wenawane. Karanna deyak thiyenawanam kiyaanna yaaalu...Ela
මම හරියටම ඒ ගැන නම් දන්නේ නැහැ. හිතනව බොහෝවෙලාවට Hardware වල ගැටලුවක් කියල
Anonymous said…
තෑන්ක්ස් මචෝ, අන්රූට් කරන හෑටිත් කියනවද...-Manjula.
හොදා වෙලාවක් තිබ්බොත් Root කරන හැටියි Unroot කරන හැටියි දෙකම කියල දෙනවා
Prabath said…
ස්තුතියි යාළුවා.. දැනගන්න අසාවෙන් හිටපු ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
Unknown said…
චින්තා ෆට්ටයි මචං.ගොඩක් දේවල් ඉගෙන ගත්තා...තෑන්ක්ස් මචං